ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන ලොව ප්‍රධාන ජාත්‍යන්තර තරඟාවලියක් වන අයි සී සී චැම්පියන්ස් කුසලානය අද සිට ආරම්භ වනවා.
මෙවර එහි විශේෂත්වය වන්නේ 1998 වසරේ සිට පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව නොමැතිව තරඟාවලිය පැවැත්වීමයි.
මෙවර තරඟාවලියට සුදුසුකම් ලබා ගත්තේ නියමිත කාලයේදී ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියෙන්ම පසුවූ කණ්ඩායම් 08යි.
සුදුසුකම් ලැබීම සලකා බැලුනේ 2023 ෂක්‍ක් ක්‍රිකට් ලෝක කුසලානය මතයි.
ඒ අනුව හොඳම කණ්ඩායම් 08 අතරට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට එහිදී හැකිවුණේ නැහැ.
මෙවර තරඟාවලියේ තවත් එක් විශේෂත්වයක් වන්නේ එහි සත්කාරකත්වය පාකිස්ථානය විසින් දරනු ලැබීමයි.
ඒ අනුව 1996 වසරෙන් පසු වසර 29කින් අනතුරුව පළමුවරටයි පකිස්ථානයේ මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන තරඟාවලියක් පැවැත්වෙන්නේ.
එබැවින් තරඟාවලිය සඳහා උපරිම ආරක්‍ෂාවක් ලබා දීමට පකිස්ථානය පියවර ගෙන තිබෙනවා. ඊට එක් කර ඇති ආරක්‍ෂකයින් සංඛ්‍යාව 13,000කට අධික වනවා.
මෙවර තවත් එක් විශේෂත්වයක් වන්නේ ඉන්දියාව සහභාගී වන තරඟ පාකිස්තානයේ නොව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමයි.
ඒ, පකිස්ථානයේ ක්‍රීඩා කිරීමට ඉන්දියාව සිය අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන්.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින ආකෘතියේ හොඳම කණ්ඩායම් අට වන පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාද්ශය සහ නවසීලන්තය ඒ කාණ්ඩය යටතේ මෙවර තරඟවැදීමට නියමිතයි.
ඕස්ටේ්‍රලියාව, ඇෆ්ගනිස්ථානය, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව තරඟවදින්නේ බී කාණ්ඩයෙන්.
සෑම කණ්ඩායමක්ම කාණ්ඩයේ අනෙක් සෑම කණ්ඩායමකටම එරෙහිව තරඟවදින අතර සෑම කාණ්ඩයකින්ම ඉහළම කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට පිවිසෙනවා.
අවසන් මහා තරඟයට සහභාගී වන කණ්ඩායම් දෙක එහි ජයග්‍රහණ මත නීරණය වනු ඇති.
අවසන් පූර්ව තරඟ දෙක මාර්තු 4 සහ 5 යන දිනවල ඩුබායි සහ ලාහෝර් හිදී පැවැත්වෙන අතර අවසන් තරඟය මාර්තු 9 වන දින පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
ඉන්දියාව සුදුසුකම් නොලැබුවහොත් අවසන් තරගය ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
මෙවර ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 2යි දශම 2යි 4ක ත්‍යාග මුදලක් හිමි වනවා.
අනුශූරයන්ට අමෙරිකානු ඩොලර් මිලියන 1යි දශම 1යි 2ක් හිමිවනු ඇති.