Tuesday, March 4, 2025

General line - 0115112241

පුංචි ඡන්දයේ අපේක්ෂක ලැයිස්තු සැකසීමට පක්ෂ කිහිපයක් වැඩ අරඹයි



පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයන් තෝරාගෙන නාමයෝජනා ලැයිස්තු සකස් කිරීම කඩිනමින් අවසන් කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට මැතිවරණ කොමිසම විසින් දින ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එම ඡන්ද විමසීම සඳහා පවතින සූදානම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.

සිය පක්ෂයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවා.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මීට පෙර ඇප මුදල් තැන්පත් කළ මෙතෙක් එම ඇප මුදල් නැවත ලබා නොගත් කණ්ඩායම්වලට තවදුරටත් එම ඇප මුදල් ලබා ගැනීමට මැතිවරණ කොමිසම අවස්ථාව සලසාදී තිබෙනවා. 

මේ දක්වා කාලය තුළ රුපියල් මිලියන 93ක ඇප මුදල් අදාළ අපේක්ෂකයන් වෙත නැවත භාරදී ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ. 

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම මාර්තු මස 17 වන දින සිට 20 වන දින දහවල් 12.00 දක්වා සිදු කරන බව මැතිවරණ කොමිසම දැනුම්දී තිබෙනවා.