රැකියා විරහිත ගුරු විභාග සමත් හා මෙතෙක් රැකියා ගත නොකරන ලද උපාධිධාරී සංගමයේ කැඳවුම්කරුවන් හා ක්‍රියාකාරී තැනැත්තන් පිරිසක් විසින් අද දින පැවැත්වීමට නියමිත විරෝධතාවක් වළක්වන ලෙසට, අධිකරණයෙන් දැනුම්දීමක් සිදුකර ඇති බව පොලිසිය පවසනවා.
පොල්දූව මංසන්ධියේදී එම විරෝධතාවය පැවැත්වීමට නියමිත අතර, මාර්ග අවහිර කරමින් මහජනතාවගේ ගමනාගමනය අවහිර වන සේ එය සිදු කරනු ඇති බවට ලද බුද්ධි තොරතුරක් මත වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙම අධිකරණ නියෝගය ලබාගෙන තිබෙනවා.
ඒ අනුව පොල්දූව වටරවුම ආශ්‍රිතව පැවැත්වීමට නියමිත විරෝධතාවයේදී සියලු වගඋත්තරකරුවන් හා ඔවුන්ගේ අනුගාමිකයින් විසින් මාර්ග භාවිතා කරන මහජනතාවට හා පදිකයින්ට අවහිර බාධා වන සේ කිසිම මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොකිරීමටත්, මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝණය වන අයුරින් හා රාජකාරී යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරී සඳහා කිසිදු බාධාවක් වන අයුරින් උද්ඝෝෂණ කිරීම තහනම් කර තිබෙනවා.
කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අන්දමින් මෙම උද්ඝෝෂණය සිදුකිරීමට සියලු වගඋත්තරකරුවන් හා අනුගාමිකයින් වගබලා ගත යුතු බවටත් කිසිදු අවස්ථාවක මාර්ගය අවහිර කරමින් පෙළපාලි පැවැත්වීම තහනම් කර ඇති බවටත් අධිකරණය විසින් ආඥාවක් නිකුත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
එසේ වගකීම් ගැනීමට නොහැකි නම් අදාළ උද්ඝෝෂණය නොපමාව විසුරුවා හැරිය යුතු බවත් මෙම අණ කඩකළහොත් සාමය රකිනු වස් ශ්‍රී ලංකා පොලිසිය ඊට වහාම පියවර ගත යුතු බවත් එම ආඥාවෙන් වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.