Wednesday, March 26, 2025

General line - 0115112241

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි 592ක් අත්අඩංගුවට

රංජිත් රාජපක්ෂ



ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කර මාස තුනක් තුළ හැටන් මාර්ගය ඔස්සේ විවිධ මත්ද්‍රව්‍ය රැගෙන වන්දනාවේ පැමිණි 592 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙරොයින්, අයිස්, ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි අවුරුදු 20ත් 45ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් වනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගෙන් රුපියල් හැට ලක්ෂ විසි නවදහස් තුන්සිය විසි හතරක දඩ මුදලක් අය කරගෙන ඇති බවයි හැටන් කොට්ටාශ භාර පොලිස් අධිකාරිවරයා පැවසුවේ.