Monday, March 31, 2025

General line - 0115112241

මතීෂ පතිරණට අයි පී එල් දෙවන තරඟයත් අහිමි වන ලකුණු



ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 08 වන තරඟය චෙන්නායිහි චිදම්බරම් ක්‍රීඩාංගණයේදී අද රාත්‍රියේ පැවැත්වෙනවා.

ඒ, චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි. 

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණට අද තරඟය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඊට හේතු වී ඇත්තේ ඔහුගේ ආබාධය මෙතෙක් සම්පූර්ණයෙන්ම සුව නොවීම බවයි චෙන්නායි කණ්ඩායමේ පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමින් ප්‍රකාශ කර ඇත්තේ.

චෙන්නායි කණ්ඩායම මෙවර තරඟාවලියේ ක්‍රීඩා කළ පළමු තරඟයටද මතීෂ පතිරණ ක්‍රීඩා කළේ නැහැ.