පසුගියදා සිදු කළ සත්ත්ව සංගණනයේ දත්ත යාවත්කාලීන කළ හැකි දත්ත පද්ධතියක් ලෙස සකස් කළ යුතු බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසනවා.
එම දත්තයන් පදනම් කරගෙන වන සතුන්ගෙන් හානි සිදුවන ප්‍රදේශ සිතියම්ගත කළ යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.
නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
සත්ත්ව ගහණය වැඩි ප්‍රදේශ සිතියම්ගත කිරීමෙන් අනතුරුව එම සත්ත්ව ගහණය වැඩි වීමට හේතු සොයා බැලිය යුතු බවද ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පෙන්වා දෙනවා.
ඇතැම් ප්‍රදේශවල සත්ත්ව ගහණය වැඩි වීමට හේතුවක් වී තිබෙන්නේ මිනිසුන්ගේ වැරදි ක්‍රියාකලාපයන් බවයි රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.