Monday, April 7, 2025

General line - 0115112241

අමෙරිකාව ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ගැන රජයෙන් යළි පැහැදිලි කිරීමක්



අමෙරිකානු රජය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීම සම්බන්ධයෙන් මේ වන විට මූලික සාකච්ඡාවලට අදාළ කටයුතු ආරම්භ කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසනවා. 


අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට සියයට 44ක තීරු බද්දක් පැන වුවද එය භාණ්ඩ ආනයනය සඳහා ගැටලුවක් නොවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.


අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු සම්බන්ධ තීරණය නොවෙනස් වුවහොත් රජයක් ලෙස වෙනත් විකල්පයක් සඳහා සූදානම් විය යුතු බවයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් පැවසුවේ.