ඉන්දියාව සමඟ ඇතිකර ගත් ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කරන ලෙස සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවේ රජය විසින් ඉන්දියාව සමග ඇතිකර ගත් ගිවිසුම් පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ ද දැනුවත් වීමක් නොමැති බවයි.
කෙසේවෙතත් ඉන්දියාව සමග ඇති කරගත් ගිවිසුම් නිසි විනිවිද භාවයකින් සහ රටේ ආරක්ෂාවට ගැටලුවක් නොවන ආකාරයෙන් අත්සන් තැබීමට කටයුතු කළ බවයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පැවසුවේ.