Monday, April 7, 2025

General line - 0115112241

හික්කඩුව මුහුදේ ගසාගෙන යමින් සිටි විදෙස් කාන්තාවක් බේරා ගනී



දියවැලකට හසුවී මුහුදේ ගසාගෙන යමින් සිටි විදෙස් ජාතික කාන්තාවක් බේරාගෙන තිබෙනවා.

ඒ, හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින්.

අදාළ විදේශීය කාන්තාව හික්කඩුව, පන්නම්ගොඩ වෙරළ තීරයේ දියනෑමට ගොස් සිටියදී එලෙස අනතුරට පත්ව තිබෙනවා.

වහා ක්‍රියාත්මක වූ ජීවිතාරක්ෂක නිලධාරින් විසින් ඇය බේරාගත් බවයි පොලීසිය පැවසුවේ.

එලෙස බේරාගෙන ඇත්තේ රුසියානු ජාතික කාන්තාවක්.