බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගය වන නඩුවකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඔහු ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදුකලේ යැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහු අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පසුගිය මාර්තු 27 වනදා ඉදිරිපත් කර තිබුණා.
එහිදී අධිකරණය නියෝග කළේ ඔහු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
ඒ අනුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින මන්ත්‍රීවරයා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා අද ඉදිරිපත් කෙරුණා.
එහිදී බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ඔහු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.