කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේදී අද අලුයම පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අපරාධ නිවාරණ රාජකාරියේ නිරතව සිටි පොලිස් කණ්ඩායමක් සැකකටයුතු පුද්ගලයෙකු පරික්‍ෂා කිරීමට උත්සහ දැරීමේදී යතුරුපැදියකින් අදාළ පුද්ගලයා පලා ගොස් ඇති අතර එම අවස්ථාවේදී පොලීසිය එම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
එහිදී අදාළ සැකකරුගේ පසුපස ප්‍රදේශයට වෙඩි වැදී තිබෙනවා.
තුවාල ලැබූ සැකකරු පොලිද් ආරක්‍ෂාව යටතේ රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.