සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවගේ ගමන් පහසුව සඳහා හෙට සිට දින තුනක් විශේෂ දුම්රිය සේවා ක්‍රියාවට නංවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එහි සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ සාමාන්‍ය දුම්රිය ගමන් වාරවලට අමතරව විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්ද හඳුන්වා දී ඇති බවයි.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ මහනුවර දළදා ප්‍රදර්ශනය වෙනුවෙන්ද විශේෂ දුම්රිය සේවා ක්‍රියාවට නංවන බවයි.