ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් රෝගාතුරව පසු වූ ඒ මහතා කොතලාව ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.
මියයන විට සමන් ද සිල්වා මහතා 68 වන වියේ පසු වුණා.
දශක හතරකට අධික කාලයක් මෙරට සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළ සමන් ද සිල්වා මහතා “නියරේ පිය නගලා”, “තණ නිල්ල දිගේ ඇඳිලා යනවා” ආදී ජනප්‍රිය ගීත රැසක් ගායනා කර තිබෙනවා.
එමෙන් මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ ද ඔහු කැපී පෙනන භූමිකාවක් නිරූපණය කළා.