සිරි දළදා වන්දනාවට අදාළ රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරියෙකු හමුදා සාමාජිකයෙකුට බැන වඳින ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය කළා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් විමර්ශනයක් සිදු කිරීමට ද නියෝග කර තිබෙනවා.
ඒ අනුව එම විමර්ශනය සිදු කෙරුණේ මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
අදාළ හමුදා සාමාජිකයා සිය ඥාතීන් පිරිසක් සැදැහැවතුන් රැඳී සිටින පෝලිමකට ඇතුළු කිරීමට කටයුතු කර ඇති අතර එය දුටු පොලිස් නිලධාරියා හමුදා සාමාජිකයාට බැන වැඳී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
කෙසේවෙතත් ප්‍රසිද්ධියේ බැන වැඳීම හේතුවෙන් එම පොලිස් නිලධාරියා සිරි දළදා වන්දනාවට අදාළ රාජකාරිවලින් ඉවත් කර මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරි සඳහා අනියුක්ත කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.