Tuesday, March 19, 2024

General line - 0115112241

NIBM රථ පෙළපාළියක් අද කොළඹදී




ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය හෙවත් එන්.අයි.බී.එම්. විසින් සංවිධාන කෙරෙන ප‍්‍රවර්ධන රථ පෙළපාළියක් අද පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ පිළිබඳ කරුණු දැක්වූ එහි කථිකාචාර්ය භරත දේවනාරායන පැවසුවේ 2016 උසස් පෙළ අවසන් කළ සිසුන් ඉලක්ක කරගෙන සිදුවන ප්‍රචාරණ කටුයුතු වල එක් අදියරක් ලෙස මෙය ක්‍රියාත්මක වන බවයි.

එන්.අයි.බී.එම් ආයතනය පිළිබඳ සිසුන් දැනුවත් කිරීම සහ එන් අයි බී එම් නාමය සමාජ ගත කිරීම මෙහි අරමුණක් බවයි ඔහු සඳහන් කළේ.

රථ පෙළපාලිය තුම්මුල්ල කොල්ලුපිටිය බම්බලපිටිය ප්‍රදේශයෙන් ගමන්කොට සීසීසී ක්‍රීඩා පිටියට පැමිණෙන බවත් සවස් යාමයේ එහි සාදයක් පැවැත්වෙන බවත් ඔහු ප්‍රකාශ කළා.