Friday, April 26, 2024

General line - 0115112241

නායකයාගේ තීන්දුව වැරදි තීන්දුවක් නොවේ..!




ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග ඊයේ (06) පැවති 20 යි 20 තරගයේදී කාසියේ වාසිය හිමිකර ගෙන පළමුව පන්දුවට පහරදීමට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට ඇරයුම් කිරීමට ශී‍්‍ර ලංකා නායකයා ගත් තිරණය වැරදි තීන්දුවක් නොවන බව චාමර කපුගෙදර පවසනවා. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියාසිටියා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගයේදී ලකුණු 85 කින් ඕස්ටේ‍්‍රලියාව හමුවේ පරාජයට පත්වුණා. එය ශී‍්‍ර ලංකාව 20 යි 20 තරගයකදි ලැබූ දැවැන්තම පරාජයද වනවා.