Friday, April 26, 2024

General line - 0115112241

ජර්මනියේ ප්‍රහාරයකට සැරසුනු IS තිදෙනෙක් අල්ලයි




ජර්මනියට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් එවනු ලැබ ඇති බවට සැක කරන සිරියානු තරුණයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ජර්මානු නීති බලධාරීන් උපුටා දක්වමින් විදෙස් වාර්තා පැවසුවා.

අද උදෑසන (13) උතුරු ජර්මනියේ ප්‍රාන්ත කිහිපයක සිදු කරන ලද වැටලීම්වලදී පොලිස් රැඳවුම් භාරයට ගනු ලැබූ මෙම තරුණයන් තිදෙනා වයස අවුරුදු 17, 18 සහ 26 වැනි වියේ පසු වන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට පත් වූ මෙම සැකකරුවන් ලඟ තිබී මහා පරිමානයේ පුපුරන ද්‍රව්‍ය නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය තොගයක්ද සොයාගත් බවයි පොලිසිය වැඩි දුරටත් කියා ඇත්තේ.

මෙම සැකකරුවන් තිදෙනා ව්‍යාජ ගමන් බලපත් භාවිතා කරමින් තුර්කිය සහ ග්‍රීසිය හරහා ජර්මනියට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.