Friday, April 26, 2024

General line - 0115112241

මංචි 9 වරටත් ජාතික වොලිබෝල් ශූරතාවලිය සමග අත්වැල් බැඳගනී!




2016 ජාතික වොලිබෝල් ශූරතා තරගාවලිය මන්චි අනුග්‍රහයෙන් ලබන ඔක්තෝම්බර් මස පළමු වෙනිදා සිට ආරම්භ වනවා.

මෙවර ද තරගාවලිය සංවිධාන කරන්නේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයයි.

මෙම තරඟාවලිය පිළිබඳ අදහස් දැක්වූ සිලෝන් බිස්කට් සමාගමේ අලෙවි අංශයේ සමූහ සාමාන්‍යාධිකාරී තේජා පීරිස් පැවසුවේ මංචි ආයතනය ජාතික වොලිබෝල් ශූරතාවලිය හා සම්බන්ධ වන්නේ 9වන අවස්ථාව මෙය බවයි.

මංචි ආයතනය මේ හා සම්බන්ධ වීමට පෙර ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව තිබූ තත්වයත් අද තත්වයත්  සළකා බලන විට සතුටු විය හැකි බව ඇය පැවසුවා.

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවට මේ වසරේදී වසර 100ක් සපිරෙනවා.