Saturday, April 27, 2024

General line - 0115112241

NSBM හරිත සරසවිය විවෘත වෙයි




දකුණු ආසියාවේ ප්‍රථම හා එකම හරිත සරසවි නගරය හෙවත් NSBM හරිත සරසවිය ඉකුත් දා විවෘත කෙරුණා.

ඒ, හෝමාගම පිටිපන ප්‍රදේශයේදීයි.

අක්කර 26ක භූමි ප්‍රදේශයක් පුරා පවතින මෙම විශ්ව විද්‍යාලය ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 10යි දශම 2ක්.

උපාධි අපේක්ෂකයින් තිස් දහසකට මෙහි එකවර අධ්‍යාපනය ලැබිය හැකියි.

නවතම දේශනාගාර, පරිගණක විද්‍යාගාර සහ නිදහස් අධ්‍යාපනයක් ලැබිය හැකි ලෙස එන්.එස්.බී.එම්. හරිත සරසවිය ඉදිකර තිඛෙනවා.

ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන පුස්තකාලයක්ද ඊට ඇතුළත්.