Friday, April 26, 2024

General line - 0115112241

ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට අකරතැබ්බයක් (VIDEO)




අමෙරිකානු ජනාධිපතිවරණ ප‍්‍රචාරක වැඩසටහනක් අතරතුරදී රිපබ්ලිකන් අපේක්‍ෂක ඩොනල්ඩ් ට‍්‍රම්ප් අකරතැබ්බයකට මුහුණපා තිබෙනවා.

මෙම ප‍්‍රචාරක වැඩසටහන පැවැත්වුයේ නෙවාඩා ප‍්‍රදේශයේදියි. එහිදී මතුවුණු ආරක්‍ෂක ගැටලුවක් හේතුවෙන් හදිසියේ වේදිකාවට පැමිණි ආරක්‍ෂකයින් ඩොනල්ඞ් ට‍්‍රම්ප් වේදිකාවෙන් පිටතට රැගෙන ගියා. ඒ, ජනතාව අමතමින් සිටි අවස්ථාවේදීයි.

ට‍්‍රම්ප් විරෝධී පෝස්ටරයක් ප‍්‍රදර්ශනය කළ පුද්ගලයෙකු හේතුවෙන් රැළිය පැවති අවස්ථාවේ කිසියම් නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

එය දුටු ආරක්‍ෂක නිලධාරීන් වහාම කි‍්‍රයාත්මක වන පරිදි ඩොනල්ඞ් ට‍්‍රම්ප් වේදිකාවෙන් ඉවත් කළද කෙටි වේලාවකට පසු ඔහු යළි පැමිණ සිය කතාව අවසන් කළා.