Friday, April 26, 2024

General line - 0115112241

බංගලාදේශය පරදවා ලංකාවට කඩුලු 7ක ජයක්




පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහි තරගයෙන් කඩුලූ 7ක ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලූ 3ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 93ක් පමණයි.

චමරි අතපත්තු කඩුලූ 2ක් බිඳහෙලීමට සමත් වුණා.

ලකුණු 97ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 19ක් අවසානයේ කඩුලූ 3ක් දැවී තිබියදී සිය ජයග්‍රහණය වාර්තා කළා.

චමරි අතපත්තු ලකුණු 39ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට ද සමත් වුණා. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ තායිලන්තයේ බැංකොක් හිදීයි.