Saturday, April 27, 2024

General line - 0115112241

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් අවසන් මහ තරගය අද




ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරගය අද (07) පැවැත්වෙනවා.

එ් මහරගම තරුණ සේවා සභා ගෘහස්ත කී‍්‍රඩාංගණයේදීයි. වයස අවුරුදු 22න් පහළ කාන්තා අවසන් තරගය කැෂුවලයින් කී‍්‍රඩා සමාජය සහ ඇහැලියගොඩ ධර්මපාල කී‍්‍රඩා සමාජය අතර උදෑසන 8.00ට ආරම්භ වනවා.

එම වයස් කාණ්ඩයේ පිරිමි අවසන් තරගය උදැසන 10.00ට පැවැත්වෙන්නේ සීදුව දවිසමර කී‍්‍රඩා සමාජය හා රුවන්වැල්ල රාජසිංහ කී‍්‍රඩා සමාජය අතරයි.

විවෘත කාන්තා අවසන් තරගය කොස්වාඩිය විජය කී‍්‍රඩා සමාජය සහ කැෂුවලයින් කි‍්‍රඩා සමාජය අතර පැවැත්වෙනවා.

එම තරගය පස්වරු එකට ආරම්භ වීමට නියමිතයි. විවෘත පිරිමි අවසන් තරගය කටාන එ්කාබද්ධ කී‍්‍රඩා සමාජය සහ දෙබෑගම රන්තරු කී‍්‍රඩා සමාජය අතර පස්වරු 3.00ට පැවැත්වෙනවා.

15328303_10211498505644606_310730533_n 15401213_10211498505724608_1336179166_n 15403161_10211498505764609_976892552_n 15416188_10211498505884612_1824479706_n