Friday, April 26, 2024

General line - 0115112241

‘සෙලාන් – ඩයලොග්’ අලුත් වැඩක් අරඹයි




ශ‍්‍රී ලාංකේය ගනුදෙනුකරුවන්ට ප‍්‍රථමවරට ඩිජිටල් පොලී අනුපාතයන් හඳුන්වා දීම වෙනුවෙන් සෙලාන් බැංකුව, ඩයලොග් ආසිආටා සමග එක් වුණා.

ශ‍්‍රී ලාංකේය තාරුණ්‍ය සඳහාම වන නවතම ‘සෙලාන් සෙල්ෆි’ ගිණුම සෙලාන් බැංකුව විසින් හඳුන්වා දෙනු ලැබුවේ මෙරට බැංකු ක්‍ෂේත‍්‍රයේ සුවිසල් පෙරළියක් ඇති කරමින්.

තවද ආකර්ෂණීය ඉතුරුම් සහ මූල්‍ය සේවා හරහා සිය ගනුදෙනුකරුවන්ට වඩා වැඩි ප‍්‍රතිලාභ හිමි කර දීම වෙනුවෙන් සෙලාන් බැංකුව ඩයලොග් ආසිආටා සමග අත්වැල් බැඳගනු ලැබුවා.

මේ හරහා ‘සෙලාන් සෙල්ෆි’ ගිණුම් හිමියන්ට සිය මාසික බැංකු පොලී අනුපාතයන් රී-ලෝඞ් ලෙස ඩයලොග් සබඳතා සහිත ජංගම දුරකතන සඳහා ලබා ගැනීමට අවස්ථාව උදා වෙනවා.

එසේම ඩයලොග් සබඳතා සහ උපාංග මිලදී ගැනීමේදී සෙලාන් සෙල්ෆි ගිණුම් හිමියන්ට විශේෂ වට්ටම් හිමි කර ගැනීමටද හැකියාව හිමි වනවා. ඉදිරියේදී ‘සෙලාන් සෙල්ෆි’ ගිණුම් වලින් ඔබ්බට යමින් අනෙකුත් ගිණුම් සඳහාද මේ ආකාරයේ ඩිජිටල් පොලී ක‍්‍රමයන් හඳුන්වා දීම සෙලාන් බැංකුවේ අරමුණයි.

image

(ඡායාරූපය)

වමේ සිට – ඩයලොග් ආසිආටා සමාගම වෙනුවෙන් තිසර කස්තුරිආරච්චි (ප‍්‍රධානි පෙර ගෙවුම් ජංගම දුරකථන ව්‍යාපාර), සිදත් චන්ද්‍රසේන (ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි – ඩිජිටල් වෙළඳ හා දැන්වීම්කරණ), අසංග ප‍්‍රියදර්ශන (ව්‍යාපාර ප‍්‍රධානි – ජංගම විදුලි සංදේශ), ආචාර්ය හාන්ස් විජයසූරිය ( අධ්‍යක්‍ෂ / සමූහ ප‍්‍රධාන විධායක) යන මහත්වරුන්ද, සෙලාන් බැංකුව වෙනුවෙන්, කපිල ආරියරත්න (සෙලාන් බැංකුවේ අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී), නිමල් තිලකරත්න (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී- මෙහෙයුම්), චානක ගුණවර්ධන ( නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – තොරතුරු තාක්‍ෂණ), ටිලාන් විජයසේකර (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවි සහ පුද්ගලික බැංකු කටයුතු), දිනේෂ් ජෙබමනි ( ප‍්‍රධාන කළමනාකාර වගකීම් කළමනාකරණ හා නව මාධ්‍ය) යන මහත්වරුන්ද ඡායාරූපයේ වේ.