Friday, April 26, 2024

General line - 0115112241

ආණ්ඩුව පෙරළා දැමීමට ඉඩ දෙන්නේ නැහැ – චතුර සේනාරත්න



ආණ්ඩුව පෙරළා දැමීම සඳහා ඒකාබද්ධ විපක්ෂයට කිසිදු ඉඩක් ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න පවසනවා.

නෙත් එෆ් එම් රේඩයෝවේ ඊයේ (09) රාත‍්‍රීයේ විකාශය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගි වෙමින් මන්ත‍්‍රීවරයා මෙ බව කියා සිටියා.

එහිදී ඔහු අවධාරණය කළේ ආණ්ඩුව තුළ සිටිමින් හොරුන් ආරක්ෂා කරන පුද්ගලයන්ට එරෙහිවද නැගී සිටින බවයි.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් ඇසිය හැකියි.