Friday, April 26, 2024

General line - 0115112241

ටෙස්ට් ශතකයක් රැස් කළ ලොව වයස්ගතම නායකයා




ටෙස්ට් ශතකයක් රැස් කළ ලොව වයස්ගතම නායකයා ලෙස පාකිස්තාන කි‍්‍රකට් කණ්ඩායමේ මිස්බා උල් හක් ඊයේ (14) වාර්තා පොත් අතරට එක් වුණා. එ් සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග ලෝර්ඞ්ස් කී‍්‍රඩාංගණයේදී ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී නොදැවී ලකුණු 110ක් රැස් කරමින්.

හතලිස් දෙහැවිරිදි වියේ පසුවන මිස්බා උල් හක් මෙලෙස බිඳ දැමුවේ වසර 38ක් පැරණි ටෙස්ට් වාර්තාවක්. 1978 වර්ෂයේදී ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ හිටපු නායකයෙකු වන බොබ් සිම්ප්සන් වයස අවුරුදු 41දී ශතකයක් වාර්තා කරමින් මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවා. නායකයෙකු ලෙස පත්වීමෙන් පසු මිස්බා උල් හක් වාර්තා කළ 8 වැනි ශතකයද මෙය වනවා. පාකිස්තානය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් වාර්තා නායකයා ලෙසද ඔහු වාර්තා පොත් අතරට එක් වුණා.

ලෝර්ඞ්ස් කී‍්‍රඩාංගණයේදී ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට පාකිස්තාන කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලූ 6ක් දැවී ලකුණු 282 ක් රැස් කර සිටියා.

247233.3 CnVwlBPW8AEKpMX record