Friday, April 26, 2024

General line - 0115112241

මැතිවරණ ගැටළු විසඳන්න අධිකරණයක් ඕනෑ



මැතිවරණ සම්බන්ධ ගැටලූ විසදාලීමට සුවිශේෂි වූ අධිකරණ පද්ධතියක අවශ්‍ය බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා. ඊයේ (17) රාති‍්‍රයේ විකාශය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් ඔහු පෙන්වා දෙන්නේ ඉකුත් වසර කිහිපයේදීම මැතිවරණ ගැටලූ රාශියක් පැන නැගුණු බවයි.

මැතිවරණ කටයුතු වෙනුවෙන් අපේක්‍ෂකයින්ට වියදම් සීමාවක් පැනවීමටද කෙටුම්පතක් සකස් කෙරෙමින් ඇති බවද රෝහණ හෙට්ටිආරච්චි මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.