Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ද.අප්‍රිකා පළමු එක්දින ගැටුම අද




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම හා දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර තරග 5කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද (28) පැවැත්වෙනවා. එ් පොර්ට් එලිසබෙත් හිදියි. දිවා තරගයක් වන මෙය ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 1 යි 30ට පමණ ආරම්භ වීමට නියමිතයි.

2003 වසරේ පැවති ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව අවසන් පූර්ව තරගය ශී‍්‍ර ලංකාව මෙම කී‍්‍රඩාංගණයේ අවසන් වරට සහභාගි වූ එක්දින තරගය වනවා. පෝර්ට් එලිසබෙත් කී‍්‍රඩාංගණයේ මේ දක්වා එක්දින තරග 4කට සහභාගී වී ඇති ශී‍්‍ර ලංකාව ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණයි. සමස්තයක් ලෙස දෙරට අතර මේ දක්වා එක්දින 60ක් පවත්වා තිබෙනවා. ඉන් දෙපිලම තරග 29 බැගින් ජය ගැනීමට සමත් වී ඇති අතර එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වුණා.

අද තරගයේ දී උපුල් තරංග ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර දකුණු අපි‍්‍රකානු කණ්ඩායම මෙහෙයවන්නේ එ්.බී ඩිවිලියර්ස්. අද තරගයේදී ජෙෆ්රි වැන්ඩර්සේ හෝ ලහිරු කුමාරට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.
ශී‍්‍ර

ලංකා කණ්ඩායම මේ වන විට එක්දින ශ්‍රේණිගත කිරීම් සටහනේ 6 වැනි ස්ථානයේ පසුවන අතර දකුණු අපි‍්‍රකාව 2 වන ස්ථානයේ පසුවනවා.