Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා A කන්ඩායම ලකුණු 261ක් පසුපසින්




ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර සිව්දින ක‍්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක‍්‍රීඩා කළ එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලූ 6ක් දැවී ලකුණු 112ක් රැස්කර සිටියා. ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කළේ ලකුණු 167ක් පමණයි.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 316ක්. ඒ අනුව කඩුලූ 4ක් අතැතිව එංගලන්ත ලයන්ස් කණ්ඩායම ශ‍්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 261ක් ඉදිරියෙන් සිටිනවා. තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි.