Saturday, April 27, 2024

General line - 0115112241

"ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න රජයට උවමනාවක් නැහැ"



ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යහපාලන ආණ්ඩුවට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව ඔවුන්ගේ කි‍්‍රයාකලාපයෙන්ම පැහැදිළි වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම පවසනවා.

නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (03) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගි වෙමින් ඔහු මේ බව කියාසිටියා.

රට හමුවේ පවතින කිසිඳු ගැටලුවක් විසඳීමට ආණ්ඩුවට සැබෑ උවමනාවක් නොමැති බවයි මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේ.

හෙට (05) කි‍්‍රයාත්මක කිරිමට යෝජිත වැඩවර්ජනය ඊට මනා උදාහරණයක් බවද මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළා.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)