Friday, April 26, 2024

General line - 0115112241

ඔබේ බලාපොරොත්තු සිහිනයක් පමණක් වීම වලක්වා ගන්න - ඔබත් NDB Savings Planner සමග එකතුවන්න!




ඔබ කැමති බොහෝ දේ ජීවිතයට ලගා කරගන්න කැමැත්තෙන් හිටියත් ඒ සමහර දේවල් බලාපොරොත්තු නැත්නම්, සිහින බවටම පත්වෙලා තියෙන්නෙ ඒ බලාපොරොත්තුව ඉටුකරගන්න අවශ්‍ය ප්‍ර‍මාණවත්  මුදලක් අතේ නැති නිසයි. නමුත් ඒ සම්බන්ධයෙන් කල් ඇතුව හිතල බලල තමන්ට ගැලපෙන මූල්‍ය සැලසුමක් තෝරා ගත්තොත් ඒ බලාපොරොත්තු සිහින ඉටුකර ගන්න පුළුවන්කම ඔබට ලැබෙනව. අන්න ඒකට නිසි මගක් NDB බැංකුව ඔබට හදුන්වා දෙනව. ඒ තමයි NDB Savings Planner.

 

NDB Savings Planner කියන්නෙ ඔබේ බලාපොරොත්තු ඉටුකරගන්න අවශ්‍ය ආර්ථික ශක්තිය ගොඩ නගන්න ඔබට හදුන්වාදෙන මූල්‍ය සැලසුම් ක්‍ර‍මවේදයක්. මේ සදහා ඔබට කරන්න තියෙන්නෙ ඔබ උපයන දෙයින් ඔබේ බලාපොරොත්තුව ඉටුකරගන්න පුළුවන් ඔබට ගැලපෙන මූල්‍ය සැලැස්මක් තෝරාගෙන හැකි පමණින් ඉතිරියක් කරන්නයි. මේ සදහා අවස්ථා ගණනක් යටතේ NDB Savings Planner සමග ඔබට එක්වීමේ අවස්ථාව තිබෙනව.

 

මේ NDB Savings Planner ඔබට හදුන්වාදෙන ඉතුරුම් ක්‍ර‍මයට ඔබ දායක වෙන්න කැමතිනම්, ඔබේ බලාපොරොත්තු හිතට බරක් කරනොගෙන ඉටුකරගන්න රුපියල් ලක්ෂ 2.5 සිට මිලියන 10ක් දක්වා මුදලක් ඉතිරිකරගන්න පුළුවන්කම ලැබෙනව.  ඔබේ මූල්‍ය අවශ්‍යතාව අනුව මුදලත් ඉතිරි කළ හැකි කාල සීමාවත් ඔබටම තීරණය කරගන්න පුළුවන් වනවා.

 

මාසයකට ඉතිරි කළ හැකි මුලද අනුව වෙනස් වෙනව. ඒ ඔබේ තෝරා ගැනීමේ පහසුවට. ඒ වගේම වසර දෙකේ සිට වසර දහයක් දක්වා ඔබ කැමති ඉතුරුම් සැලසුමක් තෝරාගැනීමටත් ඔබට අවස්ථාව ලැබෙනව. ඒ වගේම එකවර වැඩි මුදලක් තැන්පත් කිරීමේ හැකියාවක් ඔබ සතුනම් මාසිකව ලබා දියයුතු දායකත්වය අඩුකර ගන්නත් පුළුවන්.

 

ඔබ ඉතිරි කරන මුදලට NDB බැංකුව 9.75% වාර්ෂික පොළියක් ලබා දෙනව. 

(නිදසුන් - රුපියල් ලක්ෂයක් මූලිකව තැන්පත් කර වසර 5කින් කල් පිරුණු පසුව රුපියල් මිලියනයක් ලබා ගැනීම සඳහා ඔබ මාසිකව තැන්පත් කළ යුතු වන්නේ රුපියල් 10,899/-ක වාරිකයක් පමණයි.

මූලිකව තැන්පත් කිරීමකින් තොරව  වසර 5කින් කල් පිරුණු පසුව රුපියල් මිලියනයක් ලබා ගැනීම සඳහා ඔබ මාසිකව තැන්පත් කළ යුතු වන්නේ රුපියල් 12, 983/-.ක  වාරිකයක් පමණයි.)

 

ඒ විතරක් නෙවෙයි ඔබේ වගේම ජීවිතයේ වටිනාම සම්පත වන දරුවන් වෙනුවෙනුත් NDB Children’s Savings Planner නමින් ඉතිරි කිරීමේ ක්‍ර‍මයක් ඔබ වෙත හදුන්වා දී තිබෙනව. 


ඒ සදහා වයස අවුරුදු දෙකේ සිට පහ දක්වා දරුවන් වෙනුවෙන් වාර්ෂික පොලිය 9.5%ක් වන සැලසුමක් සහ අවුරුදු හයේ සිට අවුරුදු දහ අට දක්වා දරුවන් වෙනුවෙන් වාර්ෂික පොලිය 9.75ක් වන සැලසුමක්ද වශයෙන් ඉතිරි කිරීමේ සැලසුම් දෙකක් ක්‍රියාත්මක වනවා. 


NDB බැංකුව හදුන්වා දෙන මෙම මූල්‍ය සැලසුම් තොරාගෙන ඔබේ බලාපොරොත්තු සිහිනයක් පමණක් වීම වලක්වා ගන්න.  ඔබේ දරුවාගේ හෙට දවස සුරක්ෂිත කරගන්න.