Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකාව පැරිස් සම්මුතිය ගැන අදහස වෙනස් කරයි!




දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන පැරිස් සම්මුතිය පිළිබඳ අමෙරිකානු ප‍්‍රතිපත්තියේ සුබවාදී වෙනසක් විය හැකි බවට ඉඟි පළව තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඒ පිළිබඳව ධනාත්මක ප‍්‍රතිචාරයක් දක්වා ඇත්තේ පැරිස් නුවර දී ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් හමු වූ අවස්ථාවේදීයි.

පැරිස් සම්මුතිය සම්බන්ධයෙන් පසුගිය කාල සීමාවේ දී අමෙරිකාව පසුගාමී පිළිවෙතක් අනුගමනය කළා. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේ දී ජනාධිපති ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර ඇත්තේ පැරිස් සම්මුතියට ගෞරව කරමින් ඉදිරියේ දී යමක් සිදු විය හැකි බවයි.