Friday, April 26, 2024

General line - 0115112241

චාමර නුවන් මෙවර ලෝක ශූරතා ජූඩෝ තරගාවලියට යන්න සූදානම්




මෙවර ලෝක ශූරතා ජූඩෝ තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජන කරමින් ගුවන් හමුදාවේ චාමර නුවන් ධර්මවර්ධන සහභාගි වනවා.

එ් කිලෝග‍්‍රෑම් 73 බර පන්තියෙන්.

තරගාවලිය ලබන 28 වැනිදා හන්ගේරියාවේදී ආරම්භ වීමට නියමිතයි.

චාමර නුවන් ධර්මවර්ධන ඉකුත් රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදීද ජූඩෝ ඉසව්වෙන් ශී‍්‍ර ලංකාව නියෝජනය කළා.

මෙවර ලෝක ශූරතා ජූඩෝ තරගාවලිය සඳහා සිය සූදානම පිළිබඳව චාමර නුවන් ධර්මවර්ධන නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දැක්වමින් සඳහන් කළේ පෙර පැවැති අඩුපාඩුද නිවරැදි කරගනිමින් මෙවර තරග වැදීම සඳහා තමා හොඳ සූදානමකින් පසුවෙන බවයි.

චාමර නුවන් ධර්මවර්ධනගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ආර්.එම්. අමල් රත්නායකයි.

ලෝක ශූරතා ජූඩෝ තරගාවලිය ලබන සැප්තැම්බර් මස 3 වැනිදා දක්වා පැවැත්වෙනවා.