Friday, April 26, 2024

General line - 0115112241

අගමැති ජාතීය ඇමතීමෙන් බ්‍රිතාන්‍ය පවුමට වෙච්ච දේ මෙන්න




අමෙරිකානු ඩොලරය හමුවේ බ්‍රිතාන්‍ය පවුම විශාල පසු බෑමට ලක්ව ඇති බව බ්‍රිතාන්‍ය මහ බැංකුව පවසනවා. පසුගිය සතියේ දී පමණක් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7කින් බ්‍රිතාන්‍ය පවුම පහත වැටි ඇති බව සඳහන්.

ගෙවුණු වසර 2 ක කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය පවුම ක්‍රමක්‍රමයෙන් පසු බෑමකට ලක් වුණා.

කෙසේ වෙතත් එය පසුගිය සතියේ දී විශාල  ලෙස පහත වැටුණු බවයි බ්‍රිතාන්‍ය මහ බැංකුව පවසන්නේ.

මෙම තත්ත්වය හමුවේ ඉදිරියේ දී බ්‍රිතාන්‍ය බැංකුවල පොලී අනුපාතය ඉහළ දැමීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවයි  බ්‍රිතාන්‍ය මහ බැංකුව නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් තීරණයත් සමග විශාල ආර්ථික ගැටළුවලට මුහුණ දුන්නා.

එය වෙනස් කිරිම සඳහා බ්‍රිතාන්‍ය මහ බැංකුව උත්සහා කළ ද එය ව්‍යර්ථ වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේස‍ා මෙ ආර්ථික විශේෂඥයන් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඉන් අනතුරුව බ්‍රිතාන්‍ය ආර්ථිකය නගාසිටුවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය තෙරේසා මෙ එරට රාජ්‍ය මාධ්‍යයෙන් ජනතාව ඇමතුවා

ඉන් අනතුරුව  බ්‍රිතාන්‍ය පවුම විශාල ලෙස කඩා වැටුණු බවයි විදෙස් වාර්තා පවසන්නේ.