Friday, April 26, 2024

General line - 0115112241

සංවර්ධන ලොතරැයියෙන් ජනාධිපති අරමුදලට කෝටි 35ක්!




සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්, ජනපති අරමුදලට රැපියල් මිලියන 216ක මුදලක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්. ඒ.පී. සුරියප්පෙරුම අතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පසුගියදා ලබාදුන්නා.

පසුගිය කාලය තුලදී ලොතරැයි අලෙවියෙහි පසුබෑමක් තිබුණත් රටේ සංවර්ධනය සඳහා උරදෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2016 සැපුතැම්බර් මස අවසන් වන විට ආදායම් බදු වශයෙන් රුපියල් මිලියන 1430ක් ඇතුළුව මුළු බදු ප්ර්මාණය වශයෙන් රුපියල් මිලියන 2161ක මුදලක් මේ වන විට රජයට ගෙවා ඇති බවයි මණ්ඩලය පවසන්නේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් මෙම වසර තුල ජනාධිපති අරමුදලට පරිත්‍යාග කළ මුදල රුපියල් 346,541,000 ක්.