Saturday, April 27, 2024

General line - 0115112241

සැබෑ සංවර්ධනයක් සඳහා මිණුම් දඬු වෙනස් කළ යුතුයි



සැබෑ සංවර්ධනයක් ළඟා කර ගැනීමට ශ‍්‍රී ලංකාව සංවර්ධනයේ මිණුම් දඬු වෙනස් කළ යුතු බව නායකත්ව පුහුණු උපදේශක හා මනෝ චිකිත්සක උදයා දේවමුල්ල පවසනවා. ඊයේ (12) රාත‍්‍රියේ විකාශනය කෙරුණු නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. ශ‍්‍රී ලංකාව තවමත් සංවර්ධනය වන රටක් ලෙස හැඳින්වීමට සිදුව ඇත්තේ ඇයිද යන්න මෙහිදී සංවාදයට ලක් කෙරුණා. 

අතීත වැරදි නිවැරදි කර ගැනීම සංවර්ධනය ළගා කර ගැනීමට අනිවාර්ය කරුණක් වන බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.