Friday, April 26, 2024

General line - 0115112241

මෙරට මුළු ශ්‍රම බලකායෙන් වැඩකරන ප්‍රමාණය නවතම වාර්තාවකින් හෙළි වෙයි




ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රම බළකාය ආසන්න වශයෙන් ලක්ෂ 83ක් බව ජනලේඛන හා සංඛාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවක දැක්වෙනවා.

කෙසේවෙතත් වැඩකරන වයස ලෙස සැළකෙන අවුරුදු 15 සහ ඊට වැඩි වයසේ පසුවන ශ‍්‍රී ලාංකික ජනගහනය ලක්ෂ 154ක් බවයි මෙම වාර්තාවේ සඳහන් වන්නේ.

ඒ අනුව ශ‍්‍රම බළකාය වැඩකරන වයසේ පසුවන මුළු ජනගහනයෙන් සියයට 54කට සීමාවී තිබෙනවා.

තවද ලක්ෂ 83ක් පමණ වන ශ‍්‍රම බළකායෙන් කිසියම් රැකියාවක නිරත වන ප‍්‍රමාණය ලක්ෂ 79කට ආසන්නයි. තුන්ලක්ෂ හැටදහසක් පමණ රැකියාවක නිරත වන්නේ නැහැ. 

ඒ අනුව ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රම බල සහභාගිත්ව අනුපාතය සියයට 53.8ක් පමණ වනවා. 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙම වාර්තාව සකස් කර ඇත්තේ 2016 ශ‍්‍රම බල සමීක්ෂණයේ ප‍්‍රතිඵල අනුවයි. මුළු රටම ආවරණය වන පරිදි තෝරාගත් නිවාස ඒකක 25,750ක නියැදියක් පාදක කර ගනිමින් අදාළ සමීක්ෂණය සිදුකර තිබෙනවා.