Friday, April 26, 2024

General line - 0115112241

බැංකුවල අලාභ දරා ගැනීමේ හැකියාව වැඩි කරන්න මහ බැංකුව උපදෙස් දෙයි

ඉෂාර සුපෙම් මානගේ




බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ නංවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

ශක්තිමත් සහ ගතික බැංකු අංශයක් තහවුරු කරලීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

ඒ අනුව වසර 2020 අග භාගය වන විට බලපත්‍රලාභී බැංකුවල අවම ප්‍රාග්ධනය ඉහළ නැංවෙනු ඇති.

මේ සඳහා සලකා බැලෙන ප්‍රාග්ධනය, ප්‍රධාන වශයෙන්ම ඉහළ ගුණාත්මක බවකින් යුතු අලාභ දරා ගැනීමේ ඉහළ ධාරිතාවයකින් යුක්ත ප්‍රාග්ධනය විය යුතු බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ නැංවීම, බැංකු සතු ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා, ශ්‍රී ලංකාව තුළ බාසල් 111 රාමුව ක්‍රියාත්මක කිරීමට උපකාර වන අතර බැංකු අංශය තුළ ඒකාබද්ධවීම සිදුවීම සඳහාද මෙහෙයවීමක් ඇති කළ හැකි බවයි වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

ඒ අනුව ස්ථාපනය කිරීමට හෝ සංස්ථාපනය කිරීමට නියමිත නව බැංකු  විසින් පහත සඳහන් ප්‍රාග්ධන අවශ්‍යතාවයන් වහා ක්‍රියාත්මක වන පරිදි සපුරාලීම අත්‍යාවශ්‍ය වනවා.