Friday, April 26, 2024

General line - 0115112241

ලින්ක් නැචුරල් 35 සංවත්සරය සමරයි




ලින්ක් නැචුරල් ප‍්‍රඩක්ට් සමාගම ඊයේ  සිය 35 වන සංවත්සරය සමරනු ලැබුවා. දොම්පේ ජැන්රෝ හෝටලයේදී පැවති මෙම සංවත්සර සැමරුම උත්කර්ෂවත් අන්දමින් පැවැත් වුණු අතර එහිදී වසර විස්සට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක සේවිකාවන්ද ඇගයීමට ලක් කෙරුණා.

35 වන සංවත්සර සැමරුමේදී ලින්ක් නැචුරල් ප‍්‍රඩක්ට් සමාගමේ නව නිල ලාංඡනයද එළිදැක් වුණා. එම සමාගමේ සභාපති ආචාර්ය, දේවපි‍්‍රය නුගවෙල කියා සිටියේ 1982දී සේවකයින් 14 දෙනෙකුගෙන් ආරම්භ කළ ලින්ක් නැචුරල් ප‍්‍රඩක්ට් සමාගමේ වර්තාමන සේවක පිරිස 600කට අධික බවයි. නිෂ්පාදන 200කටත් වඩා වෙළෙඳපොළට හඳුන්වාදී ඇති මෙම සමාගමේලින්ක් සුදන්ත සහ සමහන් ජනපි‍්‍රයම වෙළෙඳනාමයන්.

35 වසරක ගමන් මගේ සමාගමේ ප‍්‍රගමනය උදෙසා ඇප කැප වූ සේවක මණ්ඩලය දිරිමත් කිරීම හා ඇගයීම තුළින් ඉදිරි දශකයේ වෙළෙඳපොළ අභියෝග ජය ගැනීමට අවශ්‍ය පන්නරය සේවක මණ්ඩලය හරහා ලගා කර ගැනීම සමාගමේ අපේක්ෂාවයි. දේශීය වෛද්‍ය ක‍්‍රමය නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ඥානය සමග නිසියාකාර සුසංයෝජයෙන් නිවැරදි ප‍්‍රමිතියෙන් යුතු උසස් තත්වයේ නිෂ්පාදන ජනතාවට ලබාදෙන ලොව පිළිගත් ප‍්‍රමුඛතව ආයතනයක්.

ලින්ක් සමහන් ප‍්‍රමුඛ කොටගත් ලින්ක් නිෂ්පාදන අතර ලින්ක් සුදන්ත, ලින්ක් කේශා, ලින්ක් සුවිශේෂ පස්පංගුව, ලින්ක් සමහන් එස් පී බාම්, ස්වස්ථ ති‍්‍රඵලා හා මසල්ගාඞ් යන ආදිය පාරිභෝගික විශ්වාසය දිනූ නිෂ්පාදන වනවා. ලින්ක් නැචුරල් නවීන නිෂ්පාදනාගාර සංකීර්ණය ISO 9001, ISO 14001 වැනි ජාත්‍යන්තර තත්ව කළමනාකරණ ප‍්‍රමිතීන්ට හා HACCP, GMP වැනි නිෂ්පාදනාගාර ප‍්‍රමිතීන්ට අනුව නිෂ්පාදන කටයුතු සිදු කරන නිෂ්පාදනාගාරයකි. ජනතාවගේ සෞඛ්‍ය ප‍්‍රවර්ධනය උදෙසා උසස්ම තත්වයේ නිෂ්පාදන වෙළෙඳපොළට හදුන්වාදීම ලින්ක් නැචුරල් ප‍්‍රඩක්ට් සමාගමේ දැක්මයි.