Friday, April 26, 2024

General line - 0115112241

ඩීසල් ත්‍රීරෝද රථ බදු ඉහළට..විදුලි මෝටර් රථ සඳහා 90%ක ලීසිං 

සුගත් ධර්මප්‍රිය/ඉෂාර සුපෙම් මානගේ




ඩීසල් ත්‍රීරෝද රථ ආනයන බදු ඉහළ දැමීමට මෙවර අයවැය මගින් යෝජිතයි.

ඒ අනුව රුපියල් 50000/-කින් පමණ ආනයන බදු ඉහළ දමන බවයි මුදල් අමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළේ.

විදුලි ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ණය පහසුකම් ද සංශෝධනය කර තිබෙනවා.

ත්‍රීරෝද රථයේ වටිනාකමින් 10%ක් මිළදී ගන්නා පුද්ගලයා විසින් ලබාදිය යුතු අතර ඉතිරි 90% ණය සපයන ආයතනය මගින් සැපයෙන පරිදි එය සංශෝධනය කර තිබෙනවා.

මෙම ණය පහසුකම විදුලි මෝටර් රථ සහ විදුලි බස් සඳහා ද ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.