Saturday, April 27, 2024

General line - 0115112241

ලක්ෂ 10 යේ බදු සහනය ලැබුනොත් සුපිරි මිලකට ලැබෙන පුංචි කාර් එක මෙන්න (PHOTOS)

ඉෂාර සුපෙම් මානගේ




ඉලෙක්ට්‍රික් වාහන ආනයනයේදී  2018 අයවැය යෝජනා මගින් ලබාදුන් රුපියල් ලක්ෂ 10ක බදු සහනයක් පිළිබඳව මේ වන විටත් ජනතාව තුළ ඇත්තේ දැඩි කතා බහක්.

ඛණිජ තෙල් මගින් ධාවනය කෙරෙන මෝටර් රථ වෙනුවට ඉදිරියේදී ඉලෙක්ට්‍රික් මෝටර් රථවලට රට තුළ වැඩි වශයෙන් අවස්ථාව ලබා දීම එහි අරමුණයි.

මේ වන විට ලංකාවේ මෝටර් රථ වෙළඳපොළ තුළට නවතම කුඩා ප්‍රමාණයේ ලියාපදිංචි නොකළ ඉලෙක්ට්‍රික් කාර් රථයක්  පැමිණ තිබෙනවා.

මීට සති කිහිපයකට පෙර මෙරට වෙළඳපොලට පැමිණ ඇති මෙම සුපිරි කුඩා ප්‍රමාණයේ කාර් රථයේ මිලද පසුගිය අයවැය යෝජනා හේතුවෙන් ලක්ෂ දෙකකින් පමණ අඩු කිරීමට අදාළ සමාගම කටයුතු කර තිබුණා.

ඒ අනුව දැනට රුපියල් ලක්ෂ 22ක් වැනි මිලක පවතින මෙම කුඩා ප්‍රමාණයේ ඉලෙක්ට්‍රික් කාර් රථය සඳහාද පසුගියදා මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළ පරිදි රුපියල් ලක්ෂ 10ක පමණ බදු සහනයක් ලැබුණහොත් ලංකාවේ පවතින අඩුම මිල සහිත ලියාපදිංචි නොකළ කාර් රථය බවට මෙම කුඩා ප්‍රමාණයේ කාර් රථය පත්වනු ඇති.

දෙසැම්බර් මස ලංකාවේ වෙළඳපොළ තුළ ප්‍රවර්ධනය කිරීමට සැළසුම් කර ඇති මෙම කුඩා ප්‍රමාණයේ කාර් රථය  සමග තවත් කාර් රථ මාදිළි කිහිපයක්ම ලංකාවට ගෙන ඒමටයි අදාළ සමාගම සැළසුම් කර ඇත්තේ.