Friday, April 26, 2024

General line - 0115112241

"ආණ්ඩුවෙන් සාධනීය ප‍්‍රතිචාරයක්"



ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වරදකරුවන් තීරණය කිරීමට හෝ ඔවුන්ට දඬුවම් ලබාදීමට හදිසි නොවිය යුතු බව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.  

එහි සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා පෙන්වා දෙන්නේ වරදකරුවන් තීරණය කර දඬුවම් ලබාදීමට නම් මේ සම්බන්ධයෙන් නඩුවක් පැවරිය යුතු බවයි.

බැඳුම්කර කොමිසමේ විමර්ශන ඒ සඳහා ආරම්භයක් පමණක් බව ද ඔහු කියාසිටියා. 

මේ අතර නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා දැනට ඉදිරිපත් වී තීබෙන අතුරු වාර්තාවේ රටේ ඒකීයභාවය සම්බන්ධයෙන් පවතින පරස්පරතාවලට ආණ්ඩුවෙන් සාධනීය ප‍්‍රතිචාරයක් ලැබී ඇතැයි ද ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

එහි සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා පැවසුවේ ඒකීය යන වචනයට ඉංග‍්‍රිසියෙන් සහ දෙමළෙන් ආසන්න අරුත් දෙන වෙනත් වචන යෙදීම නිසා අදාළ පරස්පරතා ඇතිවී තිබූ බවයි. 

මෙම තොරතුරු සියල්ල ඇතුළත් ඊයේ (28) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.