Friday, April 26, 2024

General line - 0115112241

Architect 2018 ප්‍රදර්ශනයේදී වහලය සඳහා වූ විශිෂ්ටතම නිෂ්පාදනයට හිමි සම්මානය i-Roof දිනා ගනී




Architect 2018 ප්‍රදර්ශනයේදී වහලය සඳහා වූ විශිෂ්ටතම නිෂ්පාදනයට හිමි සම්මානය i-Roof දිනා ගැනීමට සමත් වුණා.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඉකුත් පෙබරවාරි 22 සිට 25 දක්වා පැවැත්වූ ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සංගමය විසින් සංවිධානය කළ  Architect 2018 ප්‍රදර්ශනයේදී වහලය සඳහා වූ විශිෂ්ඨතම නිෂ්පාදනය හිමි සම්මානය i-Roof වෙත හිමිවුණා.

තවද මෙහිදී වෙළඳ කුටි සඳහා සම්මාන හිමිවූ අතර එහිදී most innovative and informative trade stall යන සම්මානය හිමි කර ගැනීමට සමත් වුයේ ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ප්‍රචලිත i-roof,i-panel සහ සිවිලිම යන සන්නාමයන්ට හිමිකම් කියන අයිඩියා සමුහ ව්‍යාපාරයයි.