Friday, April 26, 2024

General line - 0115112241

ඡන්දේ තිබ්බ ආයතනවල නිල කාලය ගැන මැ.කො. සභාපති පැහැදිළි කරයි



ඉකුත් 10 වැනිදා පැවැත්වූ මැතිවරණයෙන් තේරා පත් කර ගත් පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මස 06 වැනිදා සිට ආරම්භ කිරිමට බොහෝ විට හැකි වනු ඇතැයි මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති මහින්ද දේශපි‍්‍රය පැවසුවේ ඊට අදාළ ගැසට් පත‍්‍රය ලබන 05 වැනිදා දිනැතිව නිකුත් කිරිමට අපේක්ෂා කරන බවයි.

නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ (26) රාති‍්‍රයේ සහභාගී වෙමින් ඔහු මේ බව අනාවරණ කළා.

නව පනතින් විධිවිධාන සලසා ඇති පරිදි පළාත් පාලන ආයතනවල සියයට 25ක කාන්තා නියෝජනය තහවුරු කිරීමට මැතිවරණ කොමිසමට හැකිවී ඇත්දැයිද මෙහිදී ප‍්‍රශ්ණ කෙරුණා. 

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)