Saturday, April 27, 2024

General line - 0115112241

සියලු විලවුන් වර්ග නියාමනය කෙරේ




මෙරට නිෂ්පාදනය කරන සහ ආනයනය කරන, බෙදා හරින සියලුම විලවුන් වර්ග ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් නියාමනයට ලක් කෙරෙනවා.

මේ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව විලවුන් වර්ග ආනයනය, නිෂ්පාදනය සහ බෙදා හැරිම තහනම් වනවා.

නිසි අවසරයකින් තොරව එම කටයුතු සිදු කරන ආයතන පරික්ෂා කිරිමට සහ නිතීමය පියවර ගැනීමට කටයුතු කරන බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ පවසන්නේ.

(අදාළ නිවේදනය පහතින් දැක්වෙයි)