Friday, April 26, 2024

General line - 0115112241

රුසියාවේ ජනාධිපතිවරණය ඇරඹෙයි

කසුන් කැලුම්




රුසියානු ජනාධිපතිවරණය අද (18) පැවැත්වෙනවා.

වත්මන් ජනාධිපති ව්ලැද්මිර් පුටිං ද සිව්වන වරටත් මෙවර තරග කරනවා.

රුසියාවේ ප‍්‍රදේශ කිහිපයක ඡන්ද ප‍්‍රකාශ කිරීම මේ වනවිට ආරම්භ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ව්ලැද්මීර් පුටිං ඇතුළු අපේක්‍ෂකයන් අට දෙනෙකු මෙවර ජනාධිපතිවරණය සඳහා එක්ව සිටිනවා.

වත්මන් ජනාධිපති ව්ලැද්මීර් පුටිං පළමු වරට 2000 වසරේදි ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර 2004 සහ 2012 වසරවලදී ජනාධිපතිවරණවලින් ජය ගැනීමට පුටිං සමත් වුණා.