Saturday, April 27, 2024

General line - 0115112241

මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් ලින්ක් සුදන්ත අනුග්‍රහයෙන් පාගමනක්




මාර්තු 20 දින සමරන ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් ලින්ක් සුදන්ත අනුග‍්‍රහයෙන්, පොළොන්නරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මෙහෙය වීමෙන් පැවැත්වෙන මුඛ සෞඛ්‍ය සුරකීමේ වැදගත්කම පිළිබදව වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබුනා.

මේ වෙනුවෙන් පැවැත්වෙන පා ගමන පොළොන්නරුව නව නගරයට ප‍්‍රවේශ වන මාර්ගයේ වීර පෙදෙස මංසන්දියෙන් ආරම්භ වී රාජකීය ප‍්‍රථමික විද්‍යාලය දක්වා ගමන් කලා.

ඉන් අනතුරුව පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පාසල් ළමුන් ,තරුණ  තරුණියන් ,වැඩිහිටියන් හා ගැබිණි මවුවරුන් සහභාගී වන මුඛ සෞඛ්‍ය සම්මන්ත‍්‍රණය පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් සහ ප‍්‍රදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමන්ගේ ප‍්‍රධානත්වයෙන්  පෙ.ව 9.00 සිට 11.00 දක්වා එම විද්‍යාලයේ ප‍්‍රධාන ශාලාවේ පැවැත්වුනා.