Saturday, April 27, 2024

General line - 0115112241

සම්පත් බැංකුව සහ තැපෑල එක්ව විප්ලවකාරී සේවාවක් හඳුන්වාදෙයි (VIDEO)

චතුරංග සූරියආරච්චි




ගනුදෙනුකාර පාරිභෝගික භවතුන් හට නව මුහුණුවරක සේවා සැපයීමේ අරමුණින් සම්පත් බැංකුව සහ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමකට අත්සන් තැබුණා.

මේ හරහා සම්පත් බැංකු ගනුදෙනුකරුවන් හට ළඟම ඇති තැපැල් කාර්යාලය හරහා ක්ෂණිකව මුදල් ඇනවුමක් යැවිය හැකි අතර එය එසැනින් දිවයිනේ ඕනෑම සම්පත් බැංකු ටෙලර් යන්ත්‍රයක් මගින් ලබා ගත හැකි වනවා.

සම්පත් බැංකුව නිරන්තරයෙන් සිය පාරිභෝගිකයන් උදෙසා විප්ලවකාරී සේවාවන් හඳුන්වාදෙන අතර ඉදිරියේදීත් එවැනි සේවා රැසක් හඳුන්වා දෙන්නට බලාපොරොත්තුවෙන් සිටින බවයි එහි කළමණාකාරීත්වය සඳහන් කළේ.