Saturday, April 27, 2024

General line - 0115112241

GSP සහනය ලැබුනත් රටක් වශයෙන් කල යුතු දේ බොහොමයි

ඩිල්ශාන් මඩවල




අමෙරිකාවෙන් යළි හිමිවූ ජී එස් පී සහනයෙන් උපරිම ඵල නෙලා ගැනීමට නම් ශ‍්‍රී ලංකාව ව්‍යාපාරික බුද්ධියෙන් යුතුව කටයුතු කළ යුතු බව ආර්ථීක විද්වතුන් පෙන්වා දෙනවා. 

ශ‍්‍රී ලංකාවේ අපනයනවල එකතු කළ අගය සාපේක්ෂව අඩු බවද එම තත්වය වෙනස් කර ගැනීමට ද අවධානය යොමු කළ යුතු බවද මෙහිදී පැහැදිලි කෙරුණා. 

අමෙරිකාව සැලකෙන්නේ ශ‍්‍රී ලංකාවේ අපනයන මිලදී ගන්නා ප‍්‍රමුඛම රටක් ලෙසයි. ඉකුත් 2016 වසරේ දී ශ‍්‍රී ලංකාව අමෙරිකාවට අපනයනය කර ඇති භාණ්ඩවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 2.8ක්.