Friday, April 26, 2024

General line - 0115112241

එටිසලාටි ශ්‍රී ලංකා සමාගම Hutch Lanka විසින් මිලදී ගනියි : ඉදිරියේදී සේවා සැපයීම ඒකාබද්ධ කෙරේ

දිනුක් හේවාවිතාරණ




මෙරට ජංගම දුරකථන සේවා සපයනු ලබන ප්‍රධාන දුරකථන සමාගම් දෙකක් වන Hutch Lanka සහ එටිසලාට් ලංකා යන සමාගම් සිය සේවාවන් ඒකාබද්ධ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් මෙරට තුල හචි ලංකා සහ එටිසලාට්  ලංකා  යන වෙළද නාමය යටතේ සිය මෙහෙයුම් සිදු කිරිමට නියමිතයි.සිය සමාගම් දෙක එකාබද්ධ කිරීමෙන් අනතුරුව මෙරට පාරිභෝගිකයින් සදහා යහපත් හා තරගකාරී සේවාවක් සැපයීමට හැකි බවයි වාර්තා වෙන්නේ. 

මෙම ගනුදෙනුව සම්පූර්ණ කිරීමෙන් පසු, සමාගමේ බහුතර කොටස් බලය හා තීරණ ගැනීමේ සම්පුර්ණ අයිතිය හචිසන් ලංකා සමාගමට හිමිව තිබෙනවා. 

ශ්‍රී ලංකාව තුල ජංගම දුරකථන සමාගම් 05 ක් තිබු අතර දැන් එය 04 ක් දක්වා පහතට වැටී තිබෙනවා. 2017  වසර අවසන් වන විට මැලේසියාව පදනම් කර ගනිමින් මෙරට තුල ජංගම දුරකථන සේවා සැපයීමේ ප්‍රමුඛත්වය ඩයලොග් ආසිආටා සමාගම විසින් හිමිකමි කියනු ලබන අතර ඔවුන් විසින් සේවා සපයනු ලබන මෙරට පාරිභෝගිකයින් සංඛ්‍යාව මිලියන 12.8 ක් වනවා.

මොබිටෙල් සමාගම විසින් මිලියන 6.6 කට සහා එයාර් ටෙල් සමාගම සතුව පවතින පාරිභෝගිකන් සංඛ්‍යාව මිලියන 2.2 ක් පමණ වනවා. වර්ථමානයේ මෙරට ජංගම දුරකථන භාවිතා කරන පිරිස මිලියන 28 ක් වනවා.

හොංකොං බිලියනපතියෙක් වන ලී කා සින් විසින් ශ්‍රී ලංකාවේ එටිසලාට් සමාගම මිලදී ගෙන් ඇති බවයි වාර්තා වන්නේ. ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 23 වන ස්ථානයේ පසුවන්නේ හචිසන් සමාගමේ හිමිකරු වන ලි කා සින්ය.