Friday, April 26, 2024

General line - 0115112241

රටවල් 06ක් අයිතිය කියන කලාපයකට චීනය යුද ගුවන් යානයක් ගොඩබස්වයි (VIDEO)

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මතභේදාත්මක දකුණු චීන මුහුදු කලාපයට ප‍්‍රහාරක යානාවක් ගොඩබැස්සවීමට කටයුතු කිරීමත් සමගම මේ වනවිට චීනය රටවල් රැසකින් චෝදනා ලබමින් සිටිනවා.

ඇතැම් විදෙස් වාර්තා පවසන්නේ අදාළ සිද්ධිය කලාපීය අර්බුධයක් නිර්මාණය කිරිමට වුවද හේතුවනු ඇති බවයි.

ජපානය, වියට්නාමය, තායිවානය සහ පිලිපීනය ඇතුලූ රටවල් 06ක් අයිතිය කියාපාන එම මුහුදු කලාපයට චීනය ඊයේ තමන් සතු එච්. සික්ස් කේ. දරණ ප‍්‍රහාරක ගුවන් යානාවක් ගොඩබස්වා තිබුණා.

එහෙත් මෙම ගොඩබැස්සවීමට හේතුව කුමක්ද යන්න චීනය මෙතෙක් ප‍්‍රකාශ කර නැහැ.

අදාල සිද්ධිය හෙළා දකින අමරිකාව පවසන්නේ චීනය අදාළ මුහුදු සීමාව භාවිත කරමින් හමුදාමය කටයුතු සිදු කරමින් සිටින බවයි. ඒ හමුවේ ඉන්දු පැසිෆික් කලාපය තුළ පවතින නිදහස් සහා විවෘත භාවය උල්ලංඝණය වන බවයි අමරිකාව පෙන්වා දෙන්නේ.

රටවල් කිහිපයක් අයිතිය කියා පෑවද අදාළ මුහුදු සීමාවේ කෘතිම දූපතක් ඉදිකර එහි මෙහෙයුම් කටයුතුවල නිරත වන්නේ චීනය පමණයි. ඒ අනුව අදාළ කෘතිම දූපත තුළ චීනයට අයත් ගුවන් පථයක්, නාවික හමුදා කඳවුරක්, රේඩාර් සහ සන්නිවේදන පද්ධතියක්ද පවතිනවා.  කෙසේවෙතත් මෙම මතභේදාත්මක මුහුදු කලාපයට චීනය සිය ප‍්‍රහාරක යානාවක් ගොඩ බැස්සවූ පළමු අවස්ථාව මෙයයි.